කව්ද මේ හැක(ර්) ලා??
Who is a Hacker?

සමහරක් අයනම් හැකර්ලා වෙන්නත් හදනවා ඒ අස්සේම නමුත් අපේ යකඩයා ෆෝරම් එකේ ඉන්න කොල්ලන්ට ඇරෙන්න මේ අනික් මිනිස්සුන්ට හැකර් කෙනෙක් කියන්නේ කවුද කියලා තාම කවුරුත් කියලා දීලා නැහැ වගේ. ලංකාවේ අපිට හැකින් අලුත් දෙයක් නෙවෙයි ඔන්න. නමුත් සමහරක් අය නිකරුනේ බැන වදිනවා හැකර්ලට.
මිනිස්සු හිතනවා වගේ හැකර් කෙනෙක් කියන්නේ වෙන කෙනෙක්ගේ පරිගණකයකට හෝ වෙබ් අඩවියකට බලෙන් ඇතුල් වෙලා හිරිහැර කරන පුද්ගලයෙක් නෙවෙයි ඔන්න. හැකර් කෙනෙක් කියන්නේ සරලවම දියුනු මොලයක් තියන පුද්ගලයෙක්, ඔවුනේ හිත සහ මනස හැමතිස්සේම හිතන්නේ සමාන්‍ය අපිට වඩා වෙනස් ආකරයකට.
ඔය ගොල්ලොත් දැකලා ඇති සමහරක් පොඩි එවුන්ට සෙල්ලම් බඩුවක් දුන්නාම උන් ඒක ගලවල බලනවා , ඒත් පොඩි හැකර් මල්ලිලා තමයි. අනික් කට්ටිය හිතනවට වඩා වෙනස් ආකරයට ඒ-ගොල්ලො හිතන්නේ, සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරන්න නෙවෙයි එයාලට ඔනේ, ඊට එහා දෙයක් හොයාගන්න. හැකරුවෙකුත් හැමතිස්සේම දෙයක් වැඩි දියුනු කරන්න, වෙන කෙනෙක් හොයාගත්තේ නැති දෙයක් හොයාගන්න, කොටින්ම ප්‍රෙොඩක්ට් මැනුවල් එකේ නැති දෙයක් හොයන්න උත්සහ කරන කෙනෙක්ට තමයි අපි හැකර් කෙනෙක් කියන්නේ. හැකර්ලා නැත්තම් අපි තාම ගල් යුගයේ.
මොක්කුද මේ කම්පියුටර් හැකර්ස්ලා....?
මේ ගොල්ලොන්ගේ කාරිය තමයි පරිගණක අශ්‍රිතව ඇති දෝශ සොයන එක සහ ඒවා එක්ස්ප්ලොයිට් කිරීමට හැකි ක්‍රම සහ ඒවා නැවැත්වීමට හැකි ක්‍රම සෙවීම.වැඩේ පැහැදිලි කරන්නම්කෝ පොතෙන් පිටුවක් අරගෙනම.හිතන්නකෝ පට්ට සෝක් ගෙයක් ගැන, මෙන්න මේ වගේ..
පිටිපස්සේ දොරට ආරක්ශාව අඩු නිසා ලෙසියෙන් එකෙන් රිංගන්න පුලුවන්ජෑනෙලෙන් පනින්න පුලුවන් , වහලෙන් පනින්න පුලුවන්පොලව හාරන් එනන් පුලුවන්ගෙදර දොර අරින්නේ යතුරකින් විතරක්නම් හොර යතුරක් කපන්න පුලුවන්
සහ නොයෙකුත් ක්‍රම තියනවා. හොදම හොරු තමා තව තව ක්‍රම දන්නේ. අන්තිමේ උබලා මටත් හොරෙක් කියයිද දන්නේ නැහැ. මොනා උනත් හොරෙක්ට කරන්න පුලුවන් වැඩටික අපි දන්නේ නැත්තම් අපි කොහොමද ආරක්ශා කරන්නේ ගෙදර?. ඉතින් හැකර් කෙනෙක් කියන්නේත් එහෙම කෙනෙක්ට තමා... ගේ කඩන ක්‍රම දන්නේ නැතුව කොහොමද ආරක්ශා කරන්නේ? ඉතින් හොද හැකර්ලා මේ ගෙවල් වලට ආරක්ශිත් පද්දති හදනවා වගේ වැඩැක් තමයි කරන්නේ, මුලින්ම ගෙදර අයිතිකාරයට මේවා ඔප්පු කරන්න ඇත්තම් හොරෙක් කරන විදිහට මේව කරල පෙන්නන්න වෙන අවස්තාත් එනවා....
හැබැයි පුතෝ මේකත් මතක තියාගන්න ඔනේ, එක ගෙයක් කඩන්න දැනුම දිබ්බට බැහැ. මොකද එක එක ගෙවල් එක එක විදිහයි. බ්ලොග් ගල් වලින් හදලා තියෙන්න පුලුවන්, ලී වලින් හදලා තියෙන්න පුලුවන්, තනි තට්ටුවේ ගෙවල් වලට දෙන ගේම තට්ටු 2කේ 3නේ එව්වට දෙන්න බැහැ. අහල පහල විමසිල්ලෙන්නම්, ගෙදර බල්ලො ඉන්නවනම්, සිකිරුට්ටො ඉන්නවනම් මේ ක්‍රම වෙනස් වෙනවා කියලා මතක තියගන්න ඔන.... අපි යකඩයා තුලත් ඉගැන්නුවෙත් තමන්ගේ දේවල් රැකගන්න ක්‍රම පමනයි, අනුන්ගේ දෙවල් වලට හානි කරන ක්‍රම එකින් එකට වෙනස් වෙනවා. අපි කවදාවත් එහෙම ක්‍රම කියලා දීල නැහැ. සයිබර් සිකියුරිටි සහ සයිබර් ක්‍රයිම් කියන්නේ පැහැදිලිවම දෙකක්.
තමන්ගේ දැනුම භාවිතා කරලා අනුන්ට උදව් කරන අයට අපි කියනවා වයිට් හැට් හැකර්ස්ලා එහෙමත් නැත්තම් එතිකල් හැකර්ස්ලා කියලා, මේක දැනටම ලංකාවේත් ඉල්ලුම තියන රැකියාවක් පිට රට වගේම...
උපුටා ගැනීම
http://mrelitex.blogspot.com/2016/10/who-is-hacker.html
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment